fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 61 කට පසු ජපානයට දරුණුතම සුළිකුණාටුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 18:41

වසර 61 කට පසු ජපානයට දරුණුතම සුළිකුණාටුවක්

වසර 61 කට පසු ජපානයට එල්ල වන ප්‍රබලතම සුළි කුණාටුවට මුහුණ දීම සඳහා ජපාන ජනතාව සූදානමින් සිටිනවා. ඒ පිළිබඳ ජපානයේ සිට තොරතුරු ගෙන එන්නේ සෙව්වන්දි කුමාරගේ.

හගිබිස් සුළි කුණාටුව අද දිනයේදී ජපානයට ඇතුළු විය හැකි බවට එරට කාලගුණ අංශ ඊයේ සිටම අනතුරු ඇගවීම් සිදුකළා. ජපානයේ හොංෂු දූපතෙන් අද පස්වරුවේ හගිබිස් සුළි කුණාටුව එරටට ඇතුළු විය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ. මේ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. මෙම සුළිකුණාටුව පැයට කිලෝමීටර් 180ක වේගයකින් හමා යන අතර ගංවතුර සහ නාය යෑම් ද සිදු විය හැකි බවටයි ජපාන කාලගුණ අංශ අනතුරු අගවන්නේ.

ටෝකියෝ  නගරය ඇතුළු නගර රැසක විදුලි සැපයුම ද අත්හිටුවා තිබෙනවා.  ජනතාවට නිවෙස්වලම සිටින ලෙසටයි බලධාරීන් අනතුරු අගවා තිබෙන්නේ. මේ අතර නගර රැසක පාසල්, කාර්යාල, වෙළෙදසැල් ද වසා දමා තිබෙනවා.  දුම්රිය, ගුවන් ගමන් සහ ගමනාගමන කටයුතු ද තාවකාලිකව නවතා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ගුවන් ගමන් 1600කට වැඩි ප්‍රමාණයක් ද අත්හිටුවා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්