ශ්රී ලංකා බොක්සිං සංගමය සංවිධාන කළ 93වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ කුසලානය දිනා ගැනිමට ශ්රී ලංකා යුද හමුදාව සමත් වුණා. මෙම තරගාවලියේ කාන්තා ශුරතාව දිනා ගත්තේ යුනිචෙලා ක්රිඩා සමාජයයි.
කොළඹ රාජකීය විදුහල් බොක්සිං කවයේදී පැවති තරගාවලියට කාන්තා සහ පිරිමි බර පන්ති 10යක් යටතේ ක්රිඩක ක්රිඩිකාවන් 231 දෙනෙකු තරග වැදුනා. දක්ෂතම බොක්සිං ක්රිඩකයා ලෙස ශ්රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඩබ්ලිව් පී සංජිව නුවන් සම්මාන දිනා ගත්තා. දක්ෂතම ක්රිඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ යුනිචෙලා ක්රිඩා සමාජය නියෝජනය කළ ඒ ඒ කොසලා නිල්මිණි. මෙම බොක්සිං තරගාවලියේ ශ්රී ලංකා යුද හමුදාවේ නියෝජනය කළ එච් එස් ප්රියදර්ශනි දක්ෂතම පරාජිත ක්රිඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා. දක්ෂතම පරාජිත ක්රිඩකයා බවට පත් වුණේ ස්ලිම් ලයින් ක්රිඩා සමාජය නියෝජනය කළ ඩබ්ලිව් ඒ ඉෂන්ක සංජයයි.