චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ දැමීමේ පියවර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
ඒ වොෂිංටන් හිදී පැවැති සාකච්ඡා වට දෙකකින් පසුව. කෘෂිකාර්මික මිලදී ගැනීම් වැඩි කිරීම සහ මූල්‍ය හා තාක්ෂණික සේවා සම්බන්ධයෙන් ද දෙරට අතර ගණුදෙනු සිදුකිරිමයි සැලසුම. සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි චීන නියෝජිතයන් ප්‍රකාශ කළේ. ඇතැම් චීන භාණ්ඩ සඳහා සියයට 30 කින් තීරු බදු ලබන සතියේ ඉහළ දැමීමට මිටපෙර ඇමරිකාව තීරණය කර තිබුණා. සාකච්ඡා සාර්ථකවීම සමඟ එම තීරණය කි‍්‍රයාත්මක නොවන බවයි ඇමරිකා බලධාරීන් පවසන්නේ.