මෙරට වන ආවරණය සියයට 32 ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණින් වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන කි්රයාත්මක කර තිබෙනවා.
එහිදී හෙක්ටාර 2889 ක් එකම දිනකදී ජාතික වන ආවරණයට එකතු කිරිමයි සැලසුම. ඒ යටතේ ගල්ඔය රක්ෂිත වනාන්තරයේ හානියට ලක්වූ ඉඩම් හෙක්ටාර සියයක් නැවත වගා කිරීම අද පෙරවරුවේ සිදුකෙරෙනවා. ශාක අසූ දහසක් පමණ සිටුවීමයි සැලසුම.