දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් පළාත් වලට මිලිමීටර 75 ඉක්මවන තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය ප්‍රකාශ කළේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතැම් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.