කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
Related Articles
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු, වැසි සහ තද සුලං පිලිබද රතු නිවේදනයක් නිකුත් කළා.
පස්වරු එකේ සිට අද (11) රාත්‍රී 10 තෙක් අනතුරු ඇගවීම් රතු නිවේදනය බලපැවැත්වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ,උතුරුමැද සහ උතුරු පලාත්වල මෙන්ම, මාතර , බදුල්ල, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්වල ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.
ඒ සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර 80 ක පමණ කෙටිකාලීන තද සුලං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයෙක් සදහන් කළේ.