නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ කල්පිටිය – පල්ලියවාසලපාඩු සහ කල්ලාරු මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකින්. සැකකරුවන් එම ප්රදේශවලම පදිංචිකරුවන් බවයි හෙලිවුණේ. ඩිංගි යාත්රා , පිටත දහන යන්ත්ර සහ නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝ ග්රැම් 1300 ක ප්රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.