කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක තිස් තුන්වන මහලෙන් බිමට වැටී විදේශිකයකු මිය යාමේ සිද්ධිය සිය දිවි නසාගැනීමක් බව හෙලිව තිබෙනවා.
අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර බලෙන් ඉබි යතුරු කඩා පිටතට පැමිණ ඔහු හෝටලයෙන් පැන ඇති බවයි මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් හෙළි වුණේ.
මොහු සිය කාමරය තුළද නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි භාණ්ඩ පවා පෙරලා දමා ඇති බව වාර්තා වුණා.