fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම තර්ජනයකට මුහුණ දීමට යුද හමුදාව ශක්තිමත්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 12:29

ඕනෑම තර්ජනයකට මුහුණ දීමට යුද හමුදාව ශක්තිමත්

ඕනෑම තර්ජනයකට මුහුණ දිය හැකි ආකාරයෙන් යුද හමුදාව ශක්තිමත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයේදී යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

1949 වසරේ ඔක්තෝබර් 10 වනදා ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව සිය අභිමානවත් 70 වන සංවත්සරය සමරනවා. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී අද (11) උදෑසන පැවැත්වුණා.

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කිරීමෙන් අනතුරුව හමුදා උත්තමාචාර පෙළපාලිය පැවැත්වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා කියාසිටියේ හමුදාවක ප්‍රධානම කාර්යය වන්නේ රටේ හා ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2019 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්