ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී අද ආරම්භ වුණා.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය සංවිධාන කරන අතර මෙරට දැවැන්තම හා එකම ඉංජිනේරු තාක්ෂණ ප්‍රදර්ශනය ලෙස සැළකෙනවා.
තිරසර ශ්‍රී ලංකාව දෙසට නව්‍ය ඉංජිනේරු විද්‍යාව මැයෙන් මෙවර ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැත්වීමට නියමිතයි.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකටද එක්වුණා.