fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී GSM ජංගම දුරකථන ජාලයක් පවත්වාගෙන යාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 15:05

නීති විරෝධී GSM ජංගම දුරකථන ජාලයක් පවත්වාගෙන යාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ

කොළඹ කොටුව ජනාධිපති මාවතේ ගොඩනැගිල්ලක නීත්‍යානුකූල නොවන ආකාරයකින් ජී එස් එම් ජංගම දුරකථන ජාලයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ අද දැනුම් දුන්නා.

විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් ඩිජිටල් උපාංග හා ජංගම දුරකථන 7 ක් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළා. මෙම දුරකථන ජාලය මගින් සිදුකර ඇත්තේ කුමන ක්‍රියාවක් දැයි විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්