fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය සිංගප්පූරුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 18:05

ගෝඨාභය සිංගප්පූරුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියා. ඒ අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය පරික්‍ෂණයක් සඳහා  විදේශගතවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා. එමෙන්ම ඒ සඳහා අධිකරණ භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විදෙස් ගත වීමට පසුගියදා අවසර ලබා දුන්නා. ඒ අනුවයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිංගප්පූරුව බලා අද අලුයම පිටත්ව ගොස් තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්