ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහායදීමට තීරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීමක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පවසා තිබෙනවා.
වට්ස්ඇප් පණිවුඩයක් මගිනුයි හිටපු ජනාධිපතිනිය මේ බව සදහන්කර ඇත්තේ. පක්ෂයේ සභාපති ධුරය අතහැර දැමීමට කැමති බව ජනාධිපතිතුමා පවසා තිබුණේ නම් එය භාරගැනීමට හා පක්ෂය යළි ගොඩගැනීමට තමන් සහාය ලබාදෙන බවද හිටපු ජනපතිනිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ එක්සත් ජාතික පක්ෂ රජය සහ අනෙක් පක්ෂ සමග සන්ධාන ගතවීම නිසා නොව රාජපක්ෂලාගේ කුමන්ත්රණවලට රැවටීම නිසා බවයි ඇය පවසා ඇත්තේ. පක්ෂ සංවිධායකයින්ගෙන් සියයට අනූවකට වැඩි පිරිසක් විරෝධය පළකර සිටියදී ඔබ ගෝඨාභය රාජපක්ෂට සහායදීමට තීරණය කරන්නේ කෙසේදැයි හිටපු ජනාධිපතිනිය පක්ෂ මහලේකම්ගෙන් ප්‍රශ්නකර තිබෙනවා. පෞද්ගලික අවශ්‍යතාවන්ට සීමාවී පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස ආයාචනා කරන බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දයාසිරි ජයසේකර මහතාට යැවූ ව්ට්ස්ඇප් පණිවුඩයේ සදහන්.