fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ රජයෙන් ෆොන්සේකාට තනතුරක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 16:32

සජිත්ගේ රජයෙන් ෆොන්සේකාට තනතුරක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් මේ තීරණයට එළැඹුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීයි. රටේ ජාතික ආරක්ෂක විෂය සරත් ෆොන්සේකා මහතාට පවරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා තිබුණා.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යැවුන ද එය ඉටුවූයේ නැහැ. එම නිසා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය පිරිනැමීමට තීරණය වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම ඉටු නොකිරීම හේතුවෙන්.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්