fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක අයෝමය ශුරයා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 08 දෙනෙක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 14:33

ලෝක අයෝමය ශුරයා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 08 දෙනෙක්

ලෝක අයෝමය ශුරයා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනිමේ තරග ක්‍රිඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශාලාවේදී පැවැත්වුණා.

ලෝක අයෝමය ශුරයා තරගාවලිය ඩුබාහිදි නොවැම්බර් මස 05වනදා සිට 10 වනදා දක්වා පැවැත්විමට නියමිතයි. කිලෝග්‍රැම් 60, 65, 90 යන බරපන්ති තුන යට‍තේ ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනිම මෙහිදි සිදු කෙරුණා. ශාරීරික යෝග්‍යතා ශුරතා තරගය, ක්ලැසික් ස්පොර්ට්ස්  සහ කාය වර්ධන යන අංශ යටතේ එම ක්‍රිඩිකාවන් තරග වැදිමට නියමිතයි. තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 08 දෙනෙකු ඇතුලත්. මෙම අවස්ථාවට ශ්‍රි ලංකා කාවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අතුරු පාලක කමිටුවේ තාවකාලික ලේකම් නිහාල් වීරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 14:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්