කුලියාපිටිය පෞද්ගලික වෛද්‍ය පරික්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට මසකට රුපියල් විසිපන්දහස බැගින් රුපියල් හැත්තෑපන්දහසක් අල්ලස් වශයෙන් ලබාගත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාට කොළඹ මහාධිකරණයේදී අධි චෝදනා භාර දුන්නා.
කායික රෝග විශේෂඥ වෛද්‍ය ආර් එම් සී තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසමයි නඩුව ගොනුකර ඇත්තේ. එය ලබන මස 14 වනදා විභාගයට ගැනීමට ද නියෝග කෙරුණා. මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද කැඳවූවා. කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රෝගීන්ගේ රසායනාගාර වාර්තා ලබා ගැනීමේ කාර්යය පෞද්ගලික රසායනාගාරයක් වෙත ලබා දීම සඳහායි මාසිකව ඔහු රුපියල් විසිපන්දහස බැගින් අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත්තේ.