fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් කැලණිය රජමහා විහාරාධිපති හිමියන් බැහැදකී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 12:40

සජිත් කැලණිය රජමහා විහාරාධිපති හිමියන් බැහැදකී

ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛිත ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. උන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද පළ කළා. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ද පැමිණියා. එහිදී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැ දුටු සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාද ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්