ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුණා. ඒ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීම් සම්බන්ධවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුම්ට අත්සන් තැබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඊට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=74fWX5bIAro&feature=youtu.be&fbclid=IwAR1NXgTXjztAvrRgMpyeV7SRsjt8pEPPKep8H5mcjU20R9n8IS9vJZjO9NI”]