fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව සමඟ පැවැත්විමට නියමිත T20 තරගාවලියට ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 11:17

ශ්‍රී ලංකාව සමඟ පැවැත්විමට නියමිත T20 තරගාවලියට ඕස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්විමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියා සංචිතය නම් කර තිබෙනවා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුලත්. එහි විශේෂත්වය වන්නේ ස්ටිවන් ස්මිත් ද සංචිතයට කැඳවා තිබිමයි. ඔහු ඕස්ට්‍රේලියා 20-20 කණ්ඩායම සඳහා අවසන් වරට ක්‍රිඩා කර තිබුණේ මීට වසර තුනාහමාරකට පසුවයි. නිමා වූ අලුබදුන තරගාවලියේදී අසාර්ථක වූ ඩේවිඩ් වෝනර් ද මෙම සංචිතයට නම් කර ඇති අතර මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් ද 20-20 සංචිතයට නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා තරගාවලියෙන් පසුව පාකිස්තානයට එරෙහි 20-20 තරගාවලියකට ද ඕස්ට්‍රේලියාව ක්‍රිඩා කිරිමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 11:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්