මැද පෙරදිග රැකියා සඳහා ගොස් විවිධ වධහිංසාවලට මුහුණ දුන් කාන්තාවන් 54 දෙනෙකු දිවයිනට
Related Articles
මැද පෙරදිග රැකියා සඳහා ගොස් විවිධ වධහිංසාවලට මුහුණ දුන් කාන්තාවන් 54 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.
තානාපති කාර්යාලවල රැදී සිටි පිරිසකුයි මෙසේ දිවයිනට පැමිණියේ. තම මුදල්වලින්ම ගුවන් ටිකට්පත් සකස් කරගෙන මෙරටට පැමිණි ඔවුන් සඳහන් කළේ තමන්ට හිමි වැටුප් ද නොලැබුණු බවයි. කටුනායක ගුවන්තොටුපොළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් එම කාන්තාවන්ට නිවෙස් වෙත යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණා. ඩුබායි රාජ්‍යයේ සිට 13 දෙනෙකු ද, සෞදි සිට 17 දෙනෙකු සහ කුවේට් සිට 24 දෙනෙකු ද පැමිණි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.