ලැව් ගිනි නිසා කැලිෆෝනියාවේ විදුලිය විසන්ධි කෙරේ
Related Articles
ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රදේශයේ පවතින ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි කර තිබෙනවා.
උතුරු කැලිෆෝනියා ප්‍රදේශයේ නගර රැසකට විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් නිවාස, ව්‍යාපාර ස්ථාන ලක්ෂ අටකට පමණ ඉන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් මෙලෙස සිදු කිරීමට කටයුතු කළ බවයි බලශක්ති ආයතන සඳහන් කරන්නේ. විදුලිය විසන්ධි කිරීම දින කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන බවද එම ආයතන වැඩිදුරටත් සඳහන් කරනවා.