fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:37

පාකිස්තානයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

පාකිස්තානය සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 13කින් ජය ගැනිමත් සමගයි.

ලාහෝර්හි ගඩාෆි ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා. සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට ක්‍රිඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 48කින් ලකුණු 78ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්තානයට පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 134ක් පමණයි. පන්දු යැවිමේදී වනිදු හසරංග කඩුලු 03ක් බිද හෙලුවා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගවලියක් තරග තුනට බින්දුවක් ලෙස ජයගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංග සම්මාන දිනා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්