සිරියාවේ ඊසාන දිග ප්රදේශ කිහිපයකට තුර්කි ආරක්ෂක අංශ ගුවන් ප්රහාර එල්ල කර තිබෙනවා.
තුර්කි ජනාධිපති රිසෙෆ් තයිෆ් එර්දගොන් කියා සිටියේ එරට දකුණු දේශසීමාව තුළ කුර්දි සටන්කරුවන්ගේ සංවිධාන බිඳ හෙලීමට සහ එම කලාපයට සාමය ගෙනඒමට මෙම මෙහෙයුම ක්රියාත්මක කර ඇති බවයි. එම ප්රදේශය ආරක්ෂක කලාපයක් බවට පත් කිරීම මඟින් මිලියන ගණනක් වූ සිරියා සංක්රමණිකයින්ට එහි රැදී සිටීමටද හැකියාව පවතිනු ඇති බවයි තුර්කි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ. කෙසේ වෙතත් මෙම ප්රහාරවලින් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.