fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති අපේක්ෂක සජිත්ගේ මංගල ජනරැළිය අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 08:54

ජනාධිපති අපේක්ෂක සජිත්ගේ මංගල ජනරැළිය අද

ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන ජනරැළි මාලාවේ මංගල ජනරැළිය ගාලුමුවදොර පිටියේදී අද පැවැත්වෙනවා. පස්වරු 2 ට ජනරැළිය ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවල සහභාගීත්වයෙනුයි සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය පැවැත්වෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන හමුවට පිට පළාත්වල  ජනතාව පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්