පුංචි තිරයේ මහා කලා මංගල්‍යය 24 වන සුමති සම්මාන ප්‍රධානෝත්සවය ලබන 24 වනදා නෙළුම් පොකුණ රගහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහි අංශ කිහිපයක් වෙනුවෙන් නිර්දේශිත නාමයන් හදුන්වාදීම කොළඹදී අද සිදුකෙරුණා.
ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාවයන් ඇගයීම මෙන්ම රූපවාහිනී ක්ෂේත්රයේ නියුතු කලාකරුවන් ඇගයීම මෙහි අරමුණයි. ටෙලිනාට්‍ය, සගරාමය,වාර්තා සහ කාලීන වැඩසටහන් ප්රවෘත්ති ඇතුළු අංශ 39 ක් වෙනුවෙන් සුමති සම්මාන පිරිනැමෙනවා. ජනප්‍රිය අංශයේ සම්මාන වෙනුවෙන් නිර්දේශ වූ රංගන ශිල්පීන් සදහා සහතික පත් පිරිනැමීම ද සිදුකෙරුණා. මෙවර සම්මාන සදහා නිර්දේශිත නාම හදුන්වාදීම සිදුකෙරුණේ සුමති සම්මාන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/M2kVI7x0qos”]
අයිටීඑන් මාධ්‍ය ජාලය ද මෙවරත් අංශ රැසකින් නිර්දේශිත නාම අතරට එක්ව සිටීම විශේෂත්වයක්. අයිටීඑන් ප්රවෘත්ති අංශයේ ගයාන් බුද්ධික ඇල්ලේගොඩ නිෂ්පාදනය කළ වැව්බැදි රාජ්‍යයේ අවනඩුව සහ පූක්කුලම ජනතාවගේ කදුලු කතාව යන වැඩසටහන් දෙකම හොදම රූපවාහිනී කාලීන වැඩසටහන් අතරට නිර්දේශවී තිබෙනවා. ප්රවෘත්ති අංශයේ නජිත් මාතරගේ,උමයංගනා දිසානායක සහ විදුර පරනමාන්න සම නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කළ ගුඩ් මෝර්නින් ප්‍රයිම් වර්ල්ඩ් වැඩසටහන ද හොදම රූපවාහිනී සගරාමය වැඩසටහන නිර්දේශ නාම අතරට එක්ව සිටිනවා. එම අංශය වෙනුවෙන් අයිටීඑන් උල්පත වැඩසටහන නිර්දේශවීම ද විශේෂත්වයක්. එය නිෂ්පාදනය කළේ වැඩසටහන් අංශයේ නිෂ්පාදිකා චන්දිමා ප්‍රේමරත්නයි. හොදම රූපවාහිනී කාන්තා වැඩසටහන් සදහා කපිල වෑකඩපොල නිෂ්පාදනය කළ නිදි කුමරියකගේ සිහිනය වැඩසටහන නිර්දේශිතයි. අයිටීඑන් ෆල්සර් ඩෙයාර් වෙන්චර් ක්‍රීඩා වැඩසටහන ද හොදම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන් නිර්දේශිත නාම අතරට ඇතුළත්. එම වැඩසටහන නිෂ්පාදනය කළේ විධායක නිෂ්පාදක චන්දන අල්මේදායි. එමෙන්ම අයිටීඑන් හි විකාශය වූ කූඹියෝ,සහෝදරයා,කනාමැදිරියෝ, හරස්පාර,සංහිදපාමුල යන ටෙලිනාට්‍ය ඇතුළු වැඩසටහන් රැසක නිර්මාණ ශිල්පීන් සුමති සම්මාන සදහා නිර්දේශවී තිබෙනවා. සුමති සම්මාන උලෙළේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ අයිටිඑන් මාධ්‍ය ජාලයයි.