fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සදහා නව ප්‍රතිපත්තියක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 17:41

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සදහා නව ප්‍රතිපත්තියක්

පාරම්පරික ස්වර්ණාභරණ ගම්මාන නගා සිටුවීමට කටයුතු කරන බවත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සදහා ප්‍රතිපත්තියක් සකස් කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

ස්වර්ණාභරණකරුවන්ගේ සංගමය හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹදී පැවැත්වුණා. ස්වර්ණාභරණකරුවන්ගේ ගැටලු පිළිබදවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. අමාත්‍ය වී රාධා ක්‍රිෂ්ණන්, ස්වර්ණාභරණකරුවන්ගේ සංගමයේ සභාපති ඒ විජයකුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් මහා නාහිමියන් බැහැ දුටු සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත්වලටද එක් වුණා. මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ඒ මහතාට සෙත් ප්‍රාර්ථනා කළා. පාඨලී චම්පික රණවක, එස් එම් මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මැති ඇමතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්