fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 800 ක් වැය කළ ආසිරිගම ජනපති අතින් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 17:42

ලක්ෂ 800 ක් වැය කළ ආසිරිගම ජනපති අතින් ජනතා අයිතියට

මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ග්‍රාමීය ජනතාවගේ දිලිදු බව පිටුදැකීම සදහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පලුගස්වැව ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මේ අදහස් පල කළා.

අනුරාධපුර පලුගස්වැව ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරා දීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගම්මානය සංවර්ධනය කිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 800 ක්. පසුගිය වසරේ දෙසැම්බර් 21 වනදා ජනාධිපතිතුමා පලුගස්වැව ආසිරිගම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාව නිරත වූ අතර එහිදී එම ගම්මානයේ ජනතාව තමන් විදින දුෂ්කර ජීවිතය ගැන ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළා. එහිදී ලබා දුන් පොරොන්දුවක් අනුව දිලිදුකම  පිටුදැකීම උදෙසා ජනාධිපතිතුමා ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සාමාජික ගම්මානයක් ලෙස මෙම ගම්මානය සංවර්ධනයට ලක් කළා. ඒ සදහා ශ්‍රම දායකත්වය  සපයනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ප්‍රදේශයේ   විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්න කිරීම, පාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මෙම ගම්මානයේ සිදු කර තිබෙනවා. ආසිරිගම ගම්මානයේ නිවාස අවශ්‍යතා සපුරාලමින් නිවාස 43 ක් ඉදිකිරීම ආරම්භ කළ අතර වැඩ නිමකළ නිවාස 22 ක් අද ජනතා අයිතියට පවරා දුන්නා.  නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස දෙකක විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අනතුරුව පැවති උත්සව සමාවේදී සෙසු නිවාස ලාභීන් වෙත ජනාධිපතිතුමා යතුරු ප්‍රදානය කළා.

මේ අතර කැකිරාව මධ්‍ය විද්‍යාලයීය දූ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අභිවෘද්ධිය සදහා ඉදිකළ  පී.බී අබේකෝන් නව ශ්‍රවනාගාරය සිසු අයිතියට පවරා දුන්නේ ජනාධිපතිතුමා අතින්. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 450 ක්. සියලු පහසුකම්වලින් සමන්විත මෙම ශ්‍රවානාගාරය නම් කර ඇත්තේ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ   ආදි ශිෂ්‍යයකු මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරයකු සහ රාජ්‍ය නිලධාරියකු වූ පී.බී අබේකෝන් මහතාගේ නමින්.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්