fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චමරි අතපත්තුගෙන් ශතකයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:20

චමරි අතපත්තුගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු නවයකින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලකුණු 195 ක් රැස්කළා. මෙහිදී නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කළ අතර එය ඇයගේ සිවුවන එක්දින ශතකය ලෙසට ක්‍රීඩා වාර්තා පොත් අතරට එක්වනවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 26 පන්දු පහකදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 196 ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා. මෙහිදී ඇලීසා හේලි ලකුණු 112 ක් රැස්කළ අතර රැචල් හෙයින්ස් ලකුණු 62 ක් ලබාගත්තා. තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේ ඇලීසා හේලි විසින්.

මේ අතර ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය තව සුළු වේලාවකින් පාකිස්තානයේ ලාහෝර් හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පැවති පළමු විස්සයි විස්ස තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්