fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන කාන්තාවන්ට වසර 40 කට පසු පාපන්දු තරග නැරඹීමට අවසර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:45

ඉරාන කාන්තාවන්ට වසර 40 කට පසු පාපන්දු තරග නැරඹීමට අවසර

පාපන්දු තරග නැරඹීම සදහා ක‍්‍රීඩාංගනයට පැමිණීමට පලමුවරට ඉරාන කාන්තාවන්ට අවසර ලැබී තිබෙනවා.

පාපන්දු සහ සෙසු ක‍්‍රීඩා පැවැත්වෙන කී‍්‍රඩාංගනවලට කාන්තාවන්ට ඇතුලුවීම ඉරානය තහනම් කර තිබුණේ වසර 40 කට පෙර සිට. ලෝක පාපන්දු සම්මේලනය ද මේ සම්බන්ධයෙන් ඉරානයට උපදෙස් ලබාදී තිබෙනවා. ඉරාන තරුණියක් පාපන්දු තරගයක් නැරඹීම සදහා පිරිමියෙකු ලෙස සැරසී පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඇය සියදිවි හානිකරගත්තා.

එම සිද්ධිය ද මෙම අවසරය ලබාදීමට මුලික හේතුවක් බවයි ඉරාන වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව හෙට පැවැත්වෙන 2022 ලෝක කුසලාන තරගයට සුදුසුකම් ලැබීමේ ඉරාන කාම්බෝජියා පාපන්දු තරගය නැරඹීම සදහා කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. පැයක් ඇතුලත සියලු ප‍්‍රවේශපත් අලෙවිවී තිබෙනවා. අමතර ආසන පැනවීමට ද සිදුවූ බවයි ටෙහෙරාන් අසාදි ක‍්‍රීඩාංගන බලධාරින් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්