fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇප අවලංගුයි – හේමසිරි, පූජිත් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:03

ඇප අවලංගුයි – හේමසිරි,  පූජිත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා වහාම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔවුන්ට ලබාදුන් ඇප නියෝගය නිෂ්ප්‍රභ කිරීමටයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මොවුන්ට ඇප ලබාදීමට ගත් තීරණය දෝශ සහිත බවත් එවැනි තීන්දුවක් ලබාදීමට අධිකරණමය බලයක් නැති බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා.

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන දෙදෙනාට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබාදෙමිනුයි කොළඹ මහාධිකරණය ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්