තායිලන්තයේ කාවෝයායි ජාතික වනෝද්‍යානයේ පිහිටි දිය ඇල්ලකින් ඇදවැටී මියගිය තවත් වන අලි පස්දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
පසුගියදා එම දියඇල්ලෙන් ඇදවැටී මියගිය අලින් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැණුනා. ඇල පැටියෙකු ඇල්ලෙන් පහළට ඇදවැටී ඇති අතර පැටවා බේරා ගැනීමට ගිය අවස්ථාවේදීයි සෙසු අලින් පස්දෙනා මියගොස් ඇත්තේ. මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී තවත් අලින් පස් දෙනෙකුගේ සිරුරු සොයාගත හැකි වූ බවයි තායිලන්ත බලධාරීන් සඳහන් කරන්නේ. එම වනෝද්‍යානය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දමා ඇති බව සඳහන්.