fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප‍්‍රහාරය ගැන විශේෂ වාර්තාව මේ මාසයේදි පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 09:42

පාස්කු ප‍්‍රහාරය ගැන විශේෂ වාර්තාව මේ මාසයේදි පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා එල්ලවූ ප‍්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවේ වාර්තාව මේ මස අවසානයේ දි ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළා.

විශේෂ සාකච්ඡාවක් වාර්තාව සකස් කිරිම පිළිබදව පැවැත්වුණා. පාර්ලිමේන්තුව යළී රැස්වන්නේ ලබන 23 වනදා. එම සතිය ඇතුලත වාර්තාව නිකුත් කිරිම අරමුණ බවයි නියෝජ්‍ය කථානායකවරයා පවසන්නේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහ්ස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නිතිපතිවරයාගේ ප‍්‍රතිශෝධන අයදුම්පත පිළිබද තීන්දුව ද අද (09) ප‍්‍රකාශ කිරිමටයි නියමිත වන්නේ. දෙපාර්ශවයේම නීතිඥවරුන් ඒ සම්බන්ධ වාචික හා ලිඛිත දේශන ඉදිරිපත් කළා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනිමට කි‍්‍රයා නොකිරිම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලවි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්