fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර මහ කන්නයේ වී වගාව උතුරු පළාතේ සාර්ථකව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:21

මෙවර මහ කන්නයේ වී වගාව උතුරු පළාතේ සාර්ථකව

මෙවර මහ කන්නයේ වී වගාව උතුරු ප්‍රදේශයේ සියලු දිස්ත්‍රික්වල සාර්ථකව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

නියගය අවසන්ව වැසි ඇදහැලීම ආරම්භවීමත් සමඟ වගා කටයුතු ඇරඹීමට ගොවීන් පෙළෙඹී සිටිනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ අක්කර හතලිස්අටදහස් නවසිය පනස්එකක වී වගා කටයුතු සිදුකෙරෙන අතර එය සුබ මොහොතින් ආරම්භ කෙරුනා. ඒ  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් හා වව්නියාව දිස්ත්‍රික් ලේකම් අයි එම් හනීපා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මුලතිව් , කිලිනොච්චිය , යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්වල ද වගා කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්