ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
මැණික්හින්න ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල විහාරය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ඉන් අනතුරුවයි සජිත් ප්‍රේමදාස මහතා පොත්ගුල් මහාවිහාරය වෙත පැමිණි විහාරාධිපති පූජ්‍ය යටිනුවර සුමනසිරි ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේ.