fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට තද වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 08:45

ප්‍රදේශ කිහිපයකට තද වැසි

මධ්‍යම , සබරගමුව , දකුණ , බස්නාහිර හා ඌව පළාත්වලටත් අනුරාධපුර , වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්වලටත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර වර්ෂාවක් ඇතිවිය හැකියි. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරු සහිත වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වැසි ඇතිවන අවස්ථාවල මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්