fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බගවන්තලාවේ බස් රථ අනතුරකින් 28 දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 16:32

බගවන්තලාවේ බස් රථ අනතුරකින් 28 දෙනෙකුට තුවාල

පාසල් ළමුන් ප‍්‍රවාහනය කළ බස් රථයක් අඩි 20 ක ප‍්‍රපාතයකට පෙරළීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි හැටන් පොලීසිය ප‍්‍රකාශ කළේ. ළමුන් 18 දෙනෙකු සහ වැඩිහිටියන් 10 දෙනෙකු ඒ අතර වනවා. හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප‍්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රපාතයට පෙරළී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඒ දික්ඔය වනරාජාවත්ත ප‍්‍රදේශයේදී.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්