කොළඹ රාජකිය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය විද්‍යාලය අතර වයස අවුරුදු 19න් පහල වෝටර් පෝලෝ අවසන් මහා තරගය කොළඹ සුගතදාස පිහිණුම් තටාංගනයේදී පැවැත්වුණා.
විසිඅට වන වරට පැවති මෙම තරගාවලිය ලකුණු 07ට හයක් ලෙස ජය ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි. මෙතෙක් පැවති තරග අතරින් තරග 16ක් ශාන්ත තෝමස් විද්‍යාලය ජයගෙන තිබෙනවා. කොළඹ රජකිය විද්‍යාලය ජය ගෙන ඇත්තේ තරග 07ක් පමණයි. තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් වුනා. මේ අතර වයස අවුරුදු 15න් පහළ කොළඹ රාජකිය විද්‍යාලය සමග පැවති තරගය ලකුනු 15ට 03ක් ලෙස ජය ගත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයයි.