බ්‍රහස්පති ග්‍රහයාට වඩා චන්ද්‍රයින් වැඩි සංඛ්‍යාවක් සෙනසුරු ග්‍රහයාට ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
සෙනසුරු ග්‍රහයාට නව චන්ද්‍රයින් 20 ක් සිටින බවටයි ඇමෙරිකා විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ. ඒ අනුව සෙනසුරු ග්‍රහයාට හිමි චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක්. සෙනසුරු කක්ෂය වටා මෙම චන්ද්‍රයින් පිහිටා ඇති බව සඳහන්. මෙම සොයා ගැනීමට පෙර සඳහන් වූයේ වැඩිම චන්ද්‍රයින් ගණනක් හිමිව ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයාට බවයි. එම සංඛ්‍යාව 79ක්. සුබාරු දුරේක්ෂය යොදා ගනිමින් කළ නිරීක්ෂණයේදී සෙනසුරුගේ නව චන්ද්‍රයින් පිළිබඳ තොරතුරු සොයාගෙන තිබෙනවා.