fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආඩම්බරයි! රටම ලස්සන කරන්න කැමති තරුණ පිරිසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 16:43

ආඩම්බරයි! රටම ලස්සන කරන්න කැමති තරුණ පිරිසක්

අල්පිටිය කුරැඳුගහාහැතැක්ම පාලම යට සොදුරු තැනක් බවට පත් කරන්න තරුණයින් පිරිසක් එකතු වී තිබුණා. ඇල්පිටිය ප්‍රදේශයේ තරුණ පිරිස ෆේස්බුක් හරහා තවත් යහළුවන් පිරිසක් එක්කාසු කරගෙන සුන්දර කටයුත්තට මුළ පිරුවා.

පාලම යට බිත්ති සිතුවම් වලින් වර්ණවත් වෙද්දි යන එන කාගෙත් සිත් ඇදබැඳ ගන්නා දර්ශනයක් බවට පත් වුණා. අහම්බයෙන් ඒ අසළින් ගමන් ගත් මේරියන් සංගීත කණ්ඩායමේ නායක ජනප්‍රිය ගායක නලීන් පෙරේරා මහතා තරුණයින්ගේ එකමුතුවෙන් කළ දේ අගය කළා.

මැතිවරණ කලයේදී පෝස්ටර් වලින් මේ බිත්ති වසමින් අවලස්සන කරන්නේ රට කරවන අයමයි. එහමෙ කාලයක තම රට ලස්සනට තබන්න වෙහෙසෙන මේ තරුණ පිරිස අගය කළ යුතුමයි.

මේරියන් සංගීත කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවේ මේ සටහන තබමින් තිබූ යූටියුබ් වීඩියෝවට ලැබුණු තරුණයින්ගේ ප්‍රතිචාර අති මහත්…

ප්රසංගයකට යන අතරතුර කුරුදුගහැතක්ම ඇල්පිටිය තරුණ තරුණියෝ ටිකක් කතා බහ කරන්න අපි ටිකක් නතර උනා . මේ අපේ රටේ අනාගතය, රටේ ජීවනාලිය.අපි එකතුවෙමු .අපේ රට අපි ගොඩනගමු. – කුරැදුගහ ලස්සන පාලම –

මේරියන්ස් අපි ඔබ සමග – අපි එකතු වෙමු – අපේ රට අපි ගොඩනගමු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 16:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්