fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිවරණ අපේක්ෂකයන්ට මංගල රැළියේ පෝස්ටර් රට පුරා ඇලවීමට අවසර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 12:32

ජනපතිවරණ අපේක්ෂකයන්ට මංගල රැළියේ පෝස්ටර් රට පුරා ඇලවීමට අවසර

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අඩි දෙකක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මෙය ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද වන බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

නාමයෝජනා භාරදීම ඊයේ සිදු වූ අතර එතැන් සිට සතියක කාලයක් පෙලපාලි යාම තහනම් වනවා. එමෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී පුද්ගලයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කිරීමද තහනම් කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී සදහන් කළේ. සෑම අපේක්ෂකයකුටම සිය මංගල රැළිය පිලිබද දිවයින පුරා පෝස්ටර් ඇලවීමේ අවසරයක් ලබාදී තිබෙනවා. එහෙත් ඉන් පසුව පැවැත්වෙන ජනහමු පිලිබද දැනුවත් කිරීමේ පොස්ටර් ඇලවිය හැකි වන්නේ අදාළ ප්‍රදේශයේ පමණයි.  ඡන්ද ප්‍රතිපල නිකුත්කර සතියක් යන තුරුද පෙලපාලි තහනම් වනවා. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීයසභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන සිකුරාදියි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්