ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු ලන්ඩන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔවුන් එරට තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් බවට සැකකරමින්.
පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔවුන් අත්අඩංගුවට පත් වී තිබෙනවා. ඒ අතර කාන්තාවකද වන බවයි බ්‍රිතාන්‍ය පොලීසිය පවසන්නේ. ඇය 35 හැවිරිදි කාන්තාවක්. අනෙක් තිදෙනා වයස අවුරුදු 35 , 39 සහ 41 වන වියෙහි පසුවන්නන්. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේයි. ප්‍රශ්න කිරීමේන් අනතුරුව පිරිමි තුන් දෙනා රිමාන්ඩ් කර ඇති අතර කාන්තාව මුදා හැර තිබෙනවා.