fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක මළල ක‍්‍රීඩා ශුරතාවේ අවසන් ඉසව්වෙන් ඇමෙරිකාවට රන් පදක්කම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 11:03

ලෝක මළල ක‍්‍රීඩා ශුරතාවේ අවසන් ඉසව්වෙන් ඇමෙරිකාවට රන් පදක්කම්

ලෝක මළල ක්‍රිඩා ශුරතාවේ අවසන් තරග ඉසව්ව ලෙසින් පැවති කාන්තා හා පිරිමි මීටර් හාරසිය හතර සහාය දිවිමේ තරග දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනිමට ඇමෙරිකාව සමත් වුණා.

කාන්තා සහාය දිවිමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඇමෙරිකාවේ පිලීස් ෆ්‍රැන්සිස් ප්‍රමුඛ කණ්ඩායමයි. ඔවුන් තරගය නිම කිරිමට ගත කල කාලය මිනිත්තු 03යි තත්ත්පර 18යි දශම නවයයි දෙකක්. එම තරග ඉසව්වේ රිදි පදක්කම පෝලන්තය දිනා ගත් අතර  ලෝකඩ පදක්කම හිමි වුයේ ජැමෙයිකා කණ්ඩයෙමටයි. මේ අතර මිනිත්තු දෙකයි තත්ත්පර 56යි දශම හයයි නවයකින් තරගය නිම කළ ඇමෙරිකා කණ්ඩායම පිරිමි මිටර් 400 සහාය දිවිමේ ඉසව්වේ ජය හිමි කර ගත්තා. එහි රිදි පදක්කම දිනා ගත්තේ ජැමෙයිකාවයි. ඔවුන් තරගය නිම කිරිමට ගත කළ කාලය මිනිත්තු දෙකයි තත්ත්පර 57යි දශම නවයයි බින්දුවක්. මිනිත්තු දෙකයි තත්ත්පර 58යි දශම හතයි අටකින් තරගය නිම කළ බෙල්ජියම කණ්ඩායම මෙහිදි  ලෝකඩ පදක්කම දිනා ගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 11:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්