බ්‍රිතාන්‍ය දේශගවේෂක කැප්ටන් ජෙම්ස් කුක් සහ කණ්ඩායම නවසීලන්තයට ළගා වී අදට වසර 250 ක් සපිරීම සළකුණු කෙරෙනවා.
නවසිලන්තයට පැමිණි පළමු යුරෝපා ජාතිකයින් පිරිස ඔවුන් ලෙසයි සැළකෙන්නේ. 1769 ඔක්තෝබර් 08 වනදා ඔවුන් නවසීලන්තයේ උතුරු දිවයිනේ ගිස්බොන් වෙත පැමිණියේ එන්වර් රුවන් නෞකාවෙනි. නවසීලන්තයේ යුරෝපීය ජාතිකයින් පදිංචිවීම ආරම්භ වූයේ ද ඉන් පසුවයි. කෙසේ වෙතත් එරට වැඩි පිරිසක් කැප්ටන් ජේම්ස් කුක් ගේ පැමිණීම සළකන්නේ ආක්‍රමණයක් ලෙසයි.