ශ්‍රී‍්‍ර ලංකාව හා පකිස්ථානය අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරඟාවලියේ දෙවන තරඟය අද පැවැත්වෙනවා. ලාහෝර් හිදි රාති‍්‍ර 7.00ට එය ආරම්භ වීමට නියමිතයි. අද තරඟය ජය ගැනිමට සමත් වුවහොත් පන්දුවාර 20-20 තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමට හිමිවනවා.
ඒ හේතුවෙන් කෙසේ හෝ අද තරඟය ද ජය ගන්නා බවයි ශ්‍රී‍්‍ර ලංකා පිලේ නායක දසුන් ශානක සඳහන් කළේ. ඒ වෙනුවෙන් ශ්‍රී‍්‍ර ලංකා පිල ඊයේ පස්වරුවේ පුහුණුවිම්වලද නිරතව තිබෙනවා. ලොව අංක එකේ 20-20 කණ්ඩායමට එරෙහි පැවති පළමු තරඟයේදි ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායමට ලකුණු 64 ක ජයග්‍රහණයක් හිමිවුණා. ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම මෙලෙස පකිස්ථානයට එරෙහි 20-20 තරඟයක් ජයග්‍රහණය කළේ වසර හයකට පසුවයි.