fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඛණ්ඩ වැඩවර්ජන නොකරන්නැයි මැතිවරණ කොමිසම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2019 09:14

අඛණ්ඩ වැඩවර්ජන නොකරන්නැයි මැතිවරණ කොමිසම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි

ජනාධිපතිවරණ කාලසිමාව තුළ අඛන්ඩ වැඩවර්ජන කි‍්‍රයාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලිමක් කළා. ඉල්ලිම් දිනා ගැනිම සඳහා තහනම් නොකරන ලද කි‍්‍රයාමාර්ග ගැනිමට රාජ්‍ය සේවකයන්ට සහ වෘත්තිය සමිති වලට ඇති අයිතිවාසිකමට ගරු කරන බවයි කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් සියලු රාජ්‍ය සේවකයන් සිය කාර්යයන් වලින් වැළකී සිටිය හොත් ජනාධිපතිවරණය වැනි ජනතා ඡන්ද අයිතිය ප‍්‍රකාශයට පත්කරන ජාතික මැතිවරණයක් නිසි ලෙස පැවැත්විය නොහැකි බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2019 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්