fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගෙන් පොහොර සහනාධාරය තවත් ශක්තිමත් වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 18:46

සජිත්ගෙන් පොහොර සහනාධාරය තවත් ශක්තිමත් වෙයි

තමන් ජනාධිපති වූ වහාම ගොවි ප්‍රඥ්ඥප්තියක් නිර්මානය කර කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඓතිහාසික සේවාවක් සිදු කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා  පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ගොවි සමුළුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා  කියා සිටියේ ඒ හරහා ගොවි විශ්‍රාම වැටුප යලි සක්‍රිය කරන බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ගොවි සමුළුව අද දහවල් පොලොන්නරුව පුලතිසි බුද්ධි මන්දිරයේදී  පැවැත්වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්න  මහතා සංවිධාන කළ මෙම ගොවි සමුළුවට අමාත්‍ය දයා ගමගේ,සිඩ්නි ජයරත්න යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මෙන්ම විශාල ජනතාවක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්