එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු බලවේග මේ වන විටත් එක්ව ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දැවැන්ත රැළි 150 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xxR-xHrA9W0″]