වෙනිසුවේලාවේ ජනාධිපති නිකලොස් මධුරෝට සහාය ලබා දීමට රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වෙනිසුවේලාවට පැමිණ තිබෙනවා.
රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූරි බොරිසොෆ් මෙසේ වෙනිසුවේලා ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ඒ රුසියාවේ සහාය වර්තමාන ජනාධිපතිවරයා වෙත ලබා දීමටයි. වෙනිසුවේලා ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙසට බල කරමින් බටහිර රටවල් එල්ල කරන පීඩනයට එරෙහිව රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විරෝධය පළ කළා. බොහෝ බටහිර රටවල් පවසන්නේ පසුගිය වසරේ මැතිවරණයෙන් පසුවත් වෙනිසුවේලා ජනාධිපතිවරයා ධුරයේ රැඳී සිටීම නීති විරෝධී බවයි.