ඇමෙරිකාව සමඟ උතුරු කොරියාව ස්වීඩනයේදී පැවැත්වූ න්‍යෂ්ටික සාකචඡා අසාර්ථකයි
Related Articles
ඇමෙරිකාව සමඟ උතුරු කොරියාව ස්වීඩනයේදී පැවැත්වූ න්‍යෂ්ටික සාකචඡා අසාර්ථක වූ බව උතුරු කොරියාව පවසනවා.
උතුරු කොරියා න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත්තේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේයි. දෙරටේ නියෝජිතයින් ස්වීඩනයට පැමිණියේ ඊයේ දිනයේදීයි. උතුරු කොරියාව පවසන්නේ ඇමෙරිකාව නම්‍යශීලී නොවීම හේතුවෙන් සාකච්ඡා අසාර්ථක වූ බවයි. උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලා දින කිහිපයක් ඇතුළත මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව පවසන්නේ උතුරු කොරියාව සමඟ ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවයි.