fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN ළමා දින උත්සවය ගම්පහ සෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 08:49

ITN ළමා දින උත්සවය ගම්පහ සෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේදී

ලෝක ළමා දිනය වෙනුවෙන් ITN මාධ්‍ය ජාලය සංවිධාන කළ සැමරුම් උත්සවය ගම්පහ හෙනරත්ගොඩ , උද්භිත උද්‍යානයේ දී මේ වන විට පැවැත්වෙනවා. ඒ ITN වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්ද්‍රජිත් වන්නිඅච්චි මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

ITN ළමා දින සැමරුම් උත්සවය අද පස්වරු 5 දක්වා සජීවි ලෙස ITN ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. දරුවන් වෙනුවෙන් සංවිධාන කළ චිත්‍ර , මැටි ආශ්‍රිත නිර්මාණ , ගායන, සරුංගල් නිර්මාණය කිරීමේ තරග ඇතුළු  වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වෙනවා. ජයග්‍රාහී දරුවන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබෙනවා. විවිධ ක්ෂේත්‍ර යටතේ දක්ෂතා දැක්වූ දරුවන් 5 දෙනෙකු සඳහා ඇගයීමේ සම්මාන පිරිනැමීම ද මෙම සැමරුම් උත්සවයේ විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්